Wednesday 19 June 2013

බණ්‌ඩාරවෙල අවට දැඩි සීතලක්‌



බණ්‌ඩාරවෙල, හපුතලේ, හල්දුම්මුල්ල නගර ආශ්‍රිත ප්‍රදේශවල මේ දිනවල සුළඟ සහ දැඩි සීතල සහිත කාලගුණික තත්ත්වයක්‌ නිර්මාණය වී තිබේ.

විශේෂයෙන් රාත්‍රි කාලයේදී දරාගත නොහැකි සීතලක්‌ පවතින බව ජනතාව පවසති. මෙම තත්ත්වය නිසා ළදරුවන් මෙන්ම වයෝවෘද්ධ පුද්ගලයන්ද දැඩි අපහසුතාවන්ට මුහුණ පා සිටිති.

සුළං සහිත සීතල කාලගුණික තත්ත්වයද සමග සෙම්රෝග, සෙම්ප්‍රතිශ්‍යාව, කැස්‌ස, වෛරස්‌ උණ ආදී රෝගවලට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන රෝගීන්ගේ සංඛ්‍යාවද ඉහළ ගොස්‌ ඇති බව රෝහල් ආරංචි මාර්ග තහවුරු කරයි.

ස්‌ප්‍රිංවැලි - චන්දන දිසානායක

No comments:

Post a Comment