Saturday 15 June 2013

මහකන්දරාව වැව් රක්ෂිතයේ මහකන්දරාව වැව් විනාශ කරන අමාත්‍ය විජිත් විජයමුනි සොයිසා

මහකන්දරාව වැව් රක්ෂිතයේ මහකන්දරාව වැව් තාවුල්ලේ ඉදිකරමින් තිබෙන දෙමහල් සංචාරක බංගලාව තමන් වනජිවී ඇමැතිවරයා ලෙස පත්වීමෙන් පසු අරඹන ලද්දක් නොවන බැව් වනජිවී සංරක්ෂණ අමාත්‍ය විජිත් විජයමුනි සොයිසා මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බැව් පැවසුවේ වැව් තාවුල්ලේ ඉදිකරන සංචාරක බංගලාව පිළිබඳ කරුණු පැහැදිලි කිරීම සඳහා වනජිවී සංරක්ෂණ අමාත්‍යංශයේ දී පැවැත් වූ මාධ්‍ය සාකච්ඡවකදී ය. එහිදී තවදුරටත් කරුණු දැක්වූ අමාත්‍යවරයා මෙසේ පැවසීය.

‘මිහින්තලය ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශය තුළ පිහිටි මහකන්දරාව රක්ෂිතයේ එම වැව් තාවුල්ල මත ඉදිකරන දෙමහල් සංචාරක බංගලාව ඉදිකරන්නේ වනජිවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් හැබැයි මම ඇමැති වෙන්න ඉස්සෙල්ල පටන් ගත්ත එකක්. එහි පළමු මහල වර්ග අඩි 1600යි. දෙවැනි මහල වර්ග අඩි 1200 ක් වෙනවා. සියලූ පහසුකම් සහිතව සුඛෝපභෝගී ලෙස ඉදිකරන මේ බංගලාවට රුපියල් එක්කෝටි පනස්ලක්ෂයක් වියදම් වෙනවා.

වනජිවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉස්සරත් මේ වගේ ඉදිකිරීම් කළා. මේ හෝටලය ඉදිකරන එක දැන් නවත්වන්න බැහැ. කරන්න පුළුවන් දේ තමයි වැසිකිළි කැසිකිළි සහ වෙනත් අපද්‍රව්‍ය බැහැර කිරීමේ ක‍්‍රමවේදයන් පිළිබඳ සොයා බැලීම’

No comments:

Post a Comment