Wednesday 5 June 2013

පෝර්ටෝ රිකෝ සදාකල් දිනේවා

පෝර්ටෝ රිකෝ රාජ්‍ය පිහිටා ඇත්තේ කැරිබියානු කලාපයේය. දරිද්‍රතාවයෙන්, ඇමෙරිකානු ග්‍රහණයෙන් ඔත්පලව ඉතා පසු ගාමී ජීවන රටාවක් තිබු රටකි. 1950 දශකයේ පෝර්ටෝ රිකෝ වෙත දැඩි ඇමෙරිකානු බලපෑමක් එල්ල විය. සියල්ල සිදුවිය යුත්තේ යැංකි වුවමනාවන් වෙනුවෙන් බව අවබෝධ කරගත් දේශප්‍රේමී කොටස් රහසි ගතව සංවිධානය වන්නේ මේ අතරය. පෝර්ටෝ රිකෝ විමුක්ති සංවිධානයේ ඉදිරි පෙළ ක්‍රියාකාරිනියක් වූ ලෝලිටා ලේබ්රෝන් ඉතා රහසිගතව ඇමෙරිකාවේ නිව් යෝර්ක් නගරයට ඇතුල් විය. 1954 මාර්තු 21 වෙනි දින ඇය ඇමෙරිකානු ධනපතියන්ගේ මර්මස්ථානය වූ කැපිටල් ගොඩනැගිල්ලට ප්‍රහාරයක් එල්ල කළේය. ඇය සතු ස්වයංක්‍රීය පිස්තෝලයෙන් හතර අතට වෙඩි තබන විට ඇමෙරිකානු කොන්ග්‍රසය නියෝජනය කරන පිරිස් හිස් ලු ලු අත දිව යන්නට විය. වෙඩි තබන අතර ඇය මහා හඬින් කියා සිටියේ " පෝර්ටෝ රිකෝ සදාකල් දිනේවා " යන්නය. ඉන් පසුව පෝර්ටෝ රිකෝ ජාතික කොඩිය වනමින් සිය අභිමානය යැංකි පාලනයට පෙන්නන අතර තුර ලෝලිටා අත්අඩංගුවට පත් විය. අවසානයේ ඒක පාර්ෂික අධිකරණ තීන්දුවකින් වසර 25 ක සිර ජීවිතයක් උරුම කරන ලදී. ඉන් පසුව ඇය පෝර්ටෝ රිකෝ රාජයේ ජාතික වීරවරියක් විය. සිර ගතය දිවිය තුල ඇගේ දේශපාලන මිතුරා වුයේ පිදෙල් කස්ත්රෝය. වසර 90 ක් දිවි ගෙවා 2010 දී මිය යන තුරුම ඇමෙරිකානු විරෝධී සටන්කාමි නායිකාවක් විය.

මේ චායාරුපයෙන් දිස් වන්නේ ඇයට එරෙහිව ඇමෙරිකානු අධිකරණය තුල නඩු විභාගය සිදු වන අයුරු
ඉතිහාසයේ දිනක මෙසේ සිදු විය...

No comments:

Post a Comment