Wednesday 5 June 2013

ඩෙංගු මාරයාට කෑගල්ලේ නිසංසලා නීති ශිෂ්‍යාව බිලි

කොළඹ විශ්වවිද්‍යාලයීය නීති පීඨයේ අධ්‍යාපනය ලබමින් සිටි ශිෂ්‍යාවක ඩෙංගු රෝගය වැළඳීමෙන් ඊයේ (05 වැනිදා) මිය ගියාය.

එස්‌. ඡේ. නිසංසලා ප්‍රියන්ති සමරසිංහ නම් ඇය දෙවැනි වසරේ ශිෂ්‍යාවක වූවාය. පසුගිය 30 වැනිදා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු ඇය දින තුනක්‌ දැඩි සත්කාර ඒකකයේද ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ මියගිය බව රෝහල් ආරංචි මාර්ග කීවේය. මියයන විට නිසංසලා විසිඑක්‌ හැවිරිදි වියේ පසු වූවාය. ඇය කෑගල්ලේ දෙබත්ගම පදිංචිකාරියකි.





ඩෙංගු තොණ්‌ඩුව තද වෙද්දීත් වගකිවයුත්තෝ රට සවාරිවල


ඩෙංගු රෝගය රට පුරා අධි වසංගත තත්ත්වයක්‌ බවට පත්වීමේ අවදානමක්‌ ඇති 

අවස්‌ථාවේදී ඊට වගකිවයුතු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් සියලු 
දෙනා විදේශගතව ඇත.

ඩෙංගු රෝගය මර්දනය කිරීමේ වගකීම භාර ප්‍රධාන නිලධාරියා සති තුනක පමණ 

කාලයක්‌ තිස්‌සේ ඇමරිකාවේ සංචාරයක නිරත වන බවද සෞඛ්‍ය
 අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්‌
ඩෙංගු උවදුර උත්සන්නව ඇති මේ මොහොතේදී

 ශ්‍රී ලංකාවේ සිටින්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා පමණක්‌ වීම 
ඉතා කනගාටුදායක බවද ඔහු කීවේය.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඩෙංගු රෝගය මර්දනය කිරීම සඳහා

 පසුගිය කාලයේ කිසිදු වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක නොකළ 
බව කී හෙතෙම ඩෙංගු මර්දනය කිරීමට 2012 වසරේදී ලබාදී තිබූ 
රුපියල් කෝටි තිහෙන් කෝටි විසි හතහමාරක්‌ම භාවිතයට
 නොගැනීම නිසා යළි මහා භාණ්‌ඩාගාරය වෙත යවා ඇතැයිද කීය.
 නිලධාරීන්ගේ මෙම අකාර්යක්‍ෂමතාව නිසා 2012 වසරේදී ඩෙංගු 
රෝගය මර්දනය කිරීම සඳහා වැයකර ඇත්තේ රුපියල් 
කෝටි දෙකහමාරක්‌ පමණක්‌ බවද කී හෙතෙම 
2013 වසරේ මේ දක්‌වා ඩෙංගු මර්දනය සඳහා අමාත්‍යාංශය විසින් කිසිදු වැඩසටහන්
 ඉදිරිපත් කර නැතැයිද කීවේය. එම නිසා 
මහා භාණ්‌ඩාගාරය විසින් ඩෙංගු රෝගය මැඬලීම
 සඳහා මෙම වසරේ මුදල් ලබාදී නැති බවද හෙතෙම කීවේය.

























No comments:

Post a Comment