Tuesday 18 June 2013

තංගල්ලේ පිහිටි මුස්ලිම් ව්‍යාපාරිකයන්ට අයත් මස් කඩ වලට ප්‍රහාර රාවණා බලකායෙන්

රාවණා බලය නම් මානසික රෝගීන් පිරිස ගව ඝාතනයට විරුද්ධව තංගල්ලේ සිට කොළඹ බලා පා ගමනක් අද ආරම්භ කර ඇති අතර ආරම්භයේදීම තංගල්ලේ පිහිටි මුස්ලිම් ව්‍යාපාරිකයන්ට අයත් මස් කඩ වලට ප්‍රහාර එල්ල කර අලාභ හානි සිදු කර තිබේ. බුදු දහමද විකෘති කරමින් චීවරයට මුවා වී සිදු කරගෙන අන්ත ගෝත්‍රිකවාදී මෙම සංවිධානය ලංකාවේ ජනතාව අතර ජාතිබේද ආගම්බේද වපුරුවමින් සිටිති.

එල්ටීටීඊ ප්‍රහාර එල්ල කරන කාලයේ කොහේ සිටියාදැයි පවා දන්නේ නැති මෙම පිස්සු බල්ලන් පිරිස එල්ටීටීඊය යුද්ධයෙන් පරාජය කිරීමෙන් පසු වීරයන් වී සිටීම විහිළු සහගතය. රාවණා රජු ශ්‍රී ලංකාවේ සිටි බවට කිසිදු පුරාවිද්‍යාත්මක සාක්කියක් නොමැතිව තිබියදී මොවුහු රාවණා නම ද විකෘති කරමින් සිටිති. වාල්මිකීගේ රාමායනයේ සඳහන් වන රාවණා නම් රජු සිටියා යැයි කියන රාවණාගේ ලංකාපුරය ඉන්දියාවේ සීකිම් ප්‍රාන්තයේ ප්‍රදේශයක් බව හෝ ලංකාපුරය නම් වෙනත් ඉන්දියානු දූපතක් මිස එය වත්මන් ශ්‍රී ලංකාව නොවන්නේ යයි ඉන්දියානු සහ ශ්‍රී ලංකාවේ සමහර බුද්ධිමතුන් මත පලකරති. කෙසේ වෙතත් රාවණා නම් රජෙක් ලංකාවේ සිටි බවට කිසිදු පුරාවිද්‍යාත්මක සාක්කියක් මෙතෙක් හමුවී නැත. වාල්මිකී ඍෂිවරයාගේ රාමායණය ප්‍රබන්ධ කතාවක් මිස ඉතිහාස ග්‍රන්ථයක් ද නොවේ. ප්‍රබන්ධ කතා වල සිටින චරිත සැබෑ ලෙස ජීවත් වන චරිත යැයි සිතා ක්‍රියා කිරීම මනෝ රෝගයකි. එබැවින් රාවණා බලය නමින් ශ්‍රී ලංකාවේ පිස්සු කෙලින පුද්ගලයන් මනෝ රෝගීන්ම වෙති. මෙහි ඇති විහිළු සහගත සිද්ධිය නම් කතන්දරයක එන රාවණා චරිතයත් බුද්ධාගමත් මොවුන් පටලවා ගෙන සිටීමයි.

කෙසේ වෙතත් අද එල්ල කරන ලද ජාතිවාදී ප්‍රහාරය බරපතල වන අතර මොවුන් කොළඹ දක්වාම පැමිණියහොත් මෙවැනි ප්‍රහාර වැඩි වනු ඇති බවත් මෙය ජාතික සමගියට බරපතල අනතුරක් බවත් සඳහන් කරමින් ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතා ජනාධිපතිවරයා වෙත ලිපියක් යවා ඇත. එම ලිපිය පහත දැක්වේ

අතිගරු ජනාධිපතිතුමා
ජනාධිපති ලේකම් කාර්යාලය
කොළඹ
2013 ජුනි 18

ජනාධිපතිතුමනි,

වහාම මුස්ලිම් ජනතාවගේ ජීවිත හා දේපල ආරක්ෂා කිරීමට වහා පියවර ගන්න

මේ රටේ නීතියට හා සාමයට මහත් තර්ජනකාරි ලෙස හැසිරෙන බොදු බල සේනා රාවනා යන කුඩා බෞද්ධ අන්තවාදී පිරිස සම්බන්ධව මා මීට පෙර කීප වතාවක්ම ඔබතුමා දැනුවත් කර රටේ නීතිය හා සාමය ස්ථාපිත කිරීමට වහාම විධිමත් පියවරක් ගන්නා ලෙස ඉල්ලා ඇතත් මෙතෙක් මෙම අන්තවාදී කල්ලීන් පිළිබඳව රජයෙන් කිසිම පියවරක් නොගැනීම කෙරෙහි කණගාටුවෙමි

මුස්ලිම් ජනතාවගේ සහ ජීවනයට මහත් තර්ජනකාරී ලෙස කටයුතු කරන මේ ආගම්වාදී රාවනා මානසික රෝගීන් පිරිස ජුනි 18 අද දින ඔබතුමාගේ ගම් පළාතෙන් කොළඹ බලා පා ගමනක් ආරම්භ කර සිටී

මෙම පා ගමන ආරම්භයේදීම තංගල්ල ප්‍රදේශයේ මුස්ලිම් ව්‍යාපාරිකයෙකු සතු මස් වෙළඳ සැලකට පහර දී ඇති බවත් මේ නිසා මුස්ලිම් ජනතාවගේ දේපල හා ජීවිත තර්ජනයක් මතු වී තිඛෙන බවත් එම ප්‍රදේශවාසීහු පැමිණිලි කරති

මුස්ලිම් ව්‍යාපාරිකයින්ගේ ආර්ථීකයට පහර දීමක් ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පළාත් පාලන ආයතන නියෝජිතයින් මගින් මස් කඩ අත් හිටුවීමට යෝජනා සම්මත කිරීමක් ද සැලසුම් සහගතව සිදුවීම පිළිබදවද රජයට හා පෞද්ගලිකව ඔබතුමාගේ අවධානයට යොමු කර සිටිමි

මෙම මානසික රෝගීන් පිරිස ආරම්භ කර ඇති පා ගමන කොළඔ දක්වා ගමන් කරයි නම් තව තවත් විශාල විපත් වලට මුහුණ දීමේ අනතුරු දායක තත්ත්වයන් බහුල වනු ඇති බැවින් වහාම කි්‍රයාත්මක වන පරිදි ජන ජීවිතයට බලපෑමක් වන මෙම නීති විරෝධී පා ගමන අත් හිටුවීමට වගකිව යුතු රජයක් ලෙස පියවර ගන්නා මෙන් ඉතා වගකීමකින් යුතුව ඉල්ලා සිටිමි

එම් අසාත් එස් සාලි
නායක - ජාතික සමගි පෙරමුණ


                                  (ලංකා ඊ නිව්ස් -2013.ජුනි.18,

No comments:

Post a Comment