Tuesday 18 June 2013

තට්‌ටු පහෙන් පැන්න සරසවි සිසුවිය මරුට

කොළඹ විශ්වවිද්‍යාලයීය විද්‍යා පීඨයේ ගොඩනැඟිල්ලක පස්‌වැනි මහලෙන් බිමට පැනීම නිසා අසාධ්‍ය තත්ත්වයෙන් ජාතික රෝහලට ඇතුළත් කරන ලද ශිෂ්‍යාව ඊයේ (18 වැනිදා) පෙරවරුවේ මිය ගියාය.

ශෂිප්‍රභා ගුණරත්න නම් වූ මෙම ශිෂ්‍යාව ගොඩනැඟිල්ලෙන් පැන ඇත්තේ පෙරේදා (17 වැනිදා) උදේ 10 ට පමණය. පසුව ඇය ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කෙරුණු අතර එහිදී ඇය ශල්‍යකර්ම කිහිපයකටද භාජනය කළ බව රෝහල් ආරංචි මාර්ග කීවේය. අංක 29 නව නගරය, ලුණුගම්වෙහෙර යන ලිපිනයේ පදිංචි ශෂිප්‍රභා ප්‍රථමයෙන්ම ඇතුළත් වී ඇත්තේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය විද්‍යා පීඨයටය. ඉන්පසුව ඇයට කොළඹ විශ්වවිද්‍යාලයීය විද්‍යා පීඨයට ඇතුළත් වීමට අවස්‌ථාව ලැබී තිබේ.

පසුගිය මස විද්‍යා පීඨයට ඇතුළත් වූ විසිඑක්‌ හැවිරිදි මෙම ශිෂ්‍යාව අධ්‍යයන කටයුතු සම්බන්ධයෙන් ඇතිවූ පීඩනය මත ගොඩනැඟිල්ලෙන් බිමට පැන ඇතැයි විශ්වවිද්‍යාල ආරංචි මාර්ග කීවේය.

No comments:

Post a Comment